06 November 2025


වසර 43කට පසු කිවියන්ට හිමි වූ ජය



එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තෙවන එක්දින තරගයද ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (01) සමත්වුණා.

ඒ සමඟින් දෙරට අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 - 0ක් ලෙස නවසීලන්තය ජයග්‍රහණය කළා.

නවසීලන්තය එංගලන්තයට එරෙහිව තරග 3කින් සමන්විත තරගාවලියක් 3ට 0ක් ලෙස ජයග්‍රහණය කර තිබුණේ 1982 වසරේදී පමණයි.

ඒ අනුව වසර 43කට පසුව එංගලන්තයට එරෙහිව තරග 3ට 0ක් ලෙස තරගාවලි ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වී තිබෙනවා.

(CRICTIMES.LK)