06 November 2025


ලෝක ශූරියන්ට මෙල්ල නොවූ ඉන්දියාව අවසන් මහා සටනට



2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (30) රාත්‍රියේදී සමත්වුණා.

ඒ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී වත්මන් ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ලකුණු 338ක් රැස් කිරීමට සමත්වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙය වාර්තා අතරට එක්වුණේ කාන්තා එක්දින ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයක කණ්ඩායමක් හඹාගෙන ගොස් ජයග්‍රහණය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙවර එක්දින කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සහා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතරට එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුම්බායිහීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් එදින පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

(crictimes.lk)