ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 68වන තරග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ (26) පැවැත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 278ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණ කළා.
එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ IPL තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
වේගවත් ශතකයක් වාර්තා කළ හෙන්රික් ක්ලාසන් පන්දු 39කින් නොදැවී ලකුණු 105ක් රැස් කළා.
පන්දු 37කින් වාර්තා කළ ඔහුගේ ශතකය වාර්තා අතර එක්වුණේ 3වන වේගවත්ම IPL ශතකය ලෙසයි.
එමෙන්ම ට්‍රැවිස් හෙඩ් පන්දු 40කින් ලකුණු 76ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 168ක් පමණයි.
පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග ලකුණු 31කට කඩුලු 3ක් බිඳ දැමුවා.
ඒ අනුව මෙම තරගය ලකුණු 110කින් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.
(crictimes.lk)