කුසල් පෙරේරාගේ විශිෂ්ට පිතිකරණය සමඟ 2025 පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Lahore Qalandars කණ්ඩායම සමත් වුණා.
ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රතිවාදීන් වූ Quetta Gladiators කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්.
පළමුව පන්දුවට පහරදුන් Gladiators කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 201ක් රැස් කළා.
එහිදී හසාන් නවාස් ලකුණු පන්දු 43කින් ලකුණු 76ක් රැස් කිරීමට සමත්වුණා.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු පන්දු 22කින් ලකුණු 29ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු පන්දු 13කින් ලකුණු 22ක් රැස් කරගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Lahore Qalandars කණ්ඩායම තරගය නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඒ කඩුලු 4ක් දැවී සිටියදීයි.
ප්‍රවේගකාමී ඉනිමක් දියත් කළ කුසල් පෙරේරා පන්දු 31කින් හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 62ක් රැස් කළා.
ඒ අනුව ඔහු අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
(crictimes.lk)