06 November 2025


ලෝක ශූර ඉන්දියාවට කැන්ගරුවන් හමුවේ දැවැන්ත පරාජයක්



වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවන T20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අද (31) සමත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 125ක් පමණයි.

එහිදී අභිෂේක් ෂර්මා පන්දු 37කින් ලකුණු 68ක් සහ හර්ශිත් රානා ලකුණු 35ක් රැස් කළා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී Josh Hazlewood කඩුලු 3ක්, Xavier Bartlett සහ Nathan Ellis කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කයක පසු කළා.

දෙරට අතර පැවති පළමු T20 තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

(CRICTIMES.LK)