2025 නැගීඑන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන අද (31) ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.
ඒ අනුව මෙම තරගාවලියට අවසන් මහා තරගයද ඇතුළුව තරග 15ක් ඇතුළත් වී තිබෙනවා.
මෙම තරගාවලියේ කාණ්ඩය දෙකක් යටතේ පැවැත්වෙන අතර A කාණ්ඩයට බංගලාදේශ A කණ්ඩායම, ශ්‍රී ලංකා A කණ්ඩායම, හොංකොං කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ඇතුළත්.
එමෙන්ම B කාණ්ඩයට ඉන්දියා A කණ්ඩායම, UAE කණ්ඩායම
පාකිස්ථාන A කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම ඇතුළත් වී තිබෙනවා.
මෙහි සමාරම්භක තරගය ඕමාන කණ්ඩායම සහ පාකිස්ථාන A කණ්ඩායම අතර එළඹෙන නොවැම්බර් 14වනදා ආරම්භ වීමට නියමිතයි.
