T20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයා ලෙස වාර්තා අටරට එක්වීමට පාකිස්ථානයේ බාබර් අසාම් ඊයේ (31) රාත්රියේදී සමත්වුණා.
ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති 2වන T20 තරගයේදී නොදැවී ලකුණු 11ක් රැස් කිරීමත් සමඟයි.
එම ලකුණු 11 සමඟින් බාබර් මේ වන විට T20 ක්‍රිකට් පිටියේ රැස්කර තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 4234ක්.
මීට පෙර ඉන්දීය හිටපු නායක රෝහිත් ශර්මා ඉනිම් 15ක් තුළ ලකුණු 4231ක් රැස් කරමින් මෙහි පෙරමුණ හිමි කරගෙන සිටියා.
(CRICTIMES.LK)
