2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රතිවාදීන් වූ පන්ජාබ් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමින්.
මෙම තරගයේ පළමුුව පන්දුවට පහරදුන් බැන්ගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 190ක්.
එහිදී විරාත් කෝලි ලකුණු 43ක් සහ රජත් පටිදාර් ලකුණු 26ක් රැස් කිරීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 184ක් පමණයි.
එහිදී Josh Inglis ලකුණු 39ක් සහ Shashank Singh ලකුණු 61ක් රැස් කර ගත්තා.
කෙසේ වෙතත් මෙහිදී නායක ශියාර්ස් අයියර් හට රැස් කිරීමට හැකි වුණේ එක් ලකුණක් පමණයි.
ඒ අනුව IPL කුසලානයක් පළමු වරට තමන් සතු කර ගැනීනට කෝලි ඇතුලු බැන්ගලෝර් කණ්ඩායම සමත්වුණා.
(crictimes.lk)