23 June 2025


දිල්ලි කණ්ඩායමට සුපිරි ජයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 66වන තරගය ඊයේ (24) Jaipur ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 208ක් රැස් කළා.

එහිදී එහිදී නායක ශියාර්ස් අයියර් පන්දු 34කින් ලකුණු 54ක් සහ මාර්කස් ස්ටෝනිස් පන්දු 16කින් ලකුණු 44ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිල්ලි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

එහිදී Sameer Rizvi පන්දු 25කින් නොදැවී ලකුණු 59ක් සහ Karun Nair පන්දු 27කින් ලකුණු 44ක් රැස් කරගත්තා.

(crictimes.lk)