10 April 2025


ලක්නව් පිලට තියුණු ජයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගය ජයග්‍රහණය කිරීමට ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 12කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 203ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා කළා.

එහිදී මිචෙල් මාෂ් ලකුණු 60ක් සහ මාක්රම් ලකුණු 53ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 191ක් පමණයි.
 

(crictimes.lk)