19 August 2025


චන්දි සහ පැතුම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට - කමිඳු පහළට



නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් සමත් වී තිබෙනවා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් 16වන ස්ථානයේ සිට 14වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පැතුම් නිස්සංක 18වන ස්ථානයේ සිට 17වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් එහි 6වන ස්ථානයේ සිට 7වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

(crictimes.lk)