19 August 2025


SLC T20 | පළමු තරගයේ ජය කමිඳුගේ ග්‍රීන් පිලට



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන SLC T20 ලීග් ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වුණා.

ඒ SLC Greens කණ්ඩායම සහ SLC Blues කණ්ඩායම අතර තරගයෙන්.

මෙහිදී SLC Blues කණ්ඩායමේ නායකයා ලෙස දුනිත් වෙල්ලාලගේ සහ SLC Blues කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කළා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 143ක්.

Blues කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 10ක් තුළ වේගවත් ලකුණු 28ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Greens කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

Greens කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය චාමික කරුණාරත්න පන්දු 31කින් නොදැවී ලකුණු 47ක් රැස් කළා.

(CRICTIMES.LK)