නවතම එක්දින කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (11) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 4වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මීට පෙර ඔවුන් රැඳී සිටියේ මෙම ශ්‍රේණිගත කිරීම්වල 5වන ස්ථානයේයි.
මේ අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වල 4වන ස්ථානයේ රැඳී සිටි පාකිස්ථාන කණ්ඩායම 5වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.