පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව වසර 34කට පසු එක්දින තරගාවලියක් ජය ගැනීමට බටහිට ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.
ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ලකුණු 202කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 294ක් රැස් කළා.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 92ක් පමණයි.
(crictimes.lk)