බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 36වන බලපිටිය වීර සටන ඊයේ (05) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
සිද්ධාර්ථ විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුු ඉනිම ක්‍රීඩා කළ රේවත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 236ක ලකුණු පුවරුවක් වාර්තා කළා.
අනතුරුව සිය පළමුු ඉනිම ක්‍රීඩා කළ සිද්ධාර්ථ කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 187ක් පමණයි.
ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 50ක ජයග්‍රණයක් හිමි කරගත් රේවත විද්‍යාල කණ්ඩායම සිය දෙවන ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 160ක් රැස් කරගෙන සිටියදී අත්හිටුවීමට තීරණය කළා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 211ක ඉලක්කයක් හඹාගිය සිද්ධාර්ථ විද්‍යාල කණ්ඩායමට දිනය නිමාවන විට රැස් කර ගැනීමට හැකි වුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 74ක් පමණයි.
ඒ අනුව 36වන බලපිටිය වීර සටන ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
(crictimes.lk)