2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (31) පැවති තරගය ජයග්‍රහණය කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ ලකුණු 6කින්.
මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් සහ වනිඳු සහ මහීෂ් රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 182ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා.
එහිදී මතීෂ පතිරණ සිය පන්දුවාර 4 ලකුණු 28කට සීමා කරමින් දවාගත් කඩුලු සංඛ්‍යාව 2ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 176ක් පමණයි.
එහිදී වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුළදී කඩුලු 4ක් දවා ගැනීමට සමත්වුණා.
එම පන්දුවාර 4 තුළදී ඔහු ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු සංඛ්‍යාව 35ක්.
එමෙන්ම මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 ලකුණු 30කට සීමා කළා.
(crictimes.lk)