2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගය අද රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.
සුපිරි 4දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට එරෙහිවත් පාකිස්ථානය ඉන්දියාවට එරෙහිවත් පරාජයට පත්වුණා.
ඒ අනුව අද පැවැත්වෙන තරගය පරාජයට පත්වන කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව ඉතා අවම අවම මට්ටමකට පත්වනවා.
මේ අතර අද තරගයේදී චාමික කරුණාරත්න කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති බව නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
(CRICTIMES.LK)