23 September 2025


දුනිත්ගේ ඩුබායි ගමන ගැන ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්



අභාවප්‍රාප්ත සිය පියාට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ හෙට (20) උදෑසන යළි ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ දුනිත් අද රාත්‍රියේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙත ගමන් කරන බවයි.

ඔහු සමඟ කණ්ඩායම් කළමනාකරුද ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

(crictimes)