23 September 2025


බංගලාදේශයට ලැබුණු ඉලක්කය මෙන්න



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් 4දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා - බංගලාදේශ තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 37කින් නොදැවී ලකුණු 64ක් වාර්තා කිරීමට දසුන් ශානක සමත්වුණා.

ඒ  ජයග්‍රහණය වෙනුවෙන් බංගලාදේශයට හිමිවන ඉලක්කය 169ක්. 

(colombotimes.lk)