23 September 2025


ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ විනිසුරුවරුන් කළු පටි පැළඳ පිටියට





2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටයේ බංගලාදේශ ශ්‍රී ලංකා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්වාලගෙගේ පියාණන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් මෙම තරගය ආරම්භයට පෙර සිදුකිරීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ පිටියේ විනිසුරුවරුන් දෙදෙනාම කළු පටි පැළද මෙම තරගයට එක් වී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු ඉනිම ආරම්භ කර තිබෙනවා

(colombotimes.lk)