2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා - බංගලාදේශ තරගය අද පැවැත්වෙනවා.
ඒ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගය කාසිය වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
මෙහිදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කළේ පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම තරඟයට ද ක්‍රීඩා කරන බවයි.
ඒ අනුව දුනිත් වෙල්ලාලගේ මෙම තරගයට ක්‍රීඩා කරනවා.