2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටය හෙට (20) සිට ආරම්භ වනවා.
මෙවර ආසියානු කුසලානයේ අවසන් හතරදෙනාගේ වටය සඳහා ශ්‍රී ලංකාව, බංගලාදේශය, පාකිස්ථානය සහ ඉන්දියාව සුදුසුකම් ලබාගත්තා.
ඒ අනුව එම වටයේ පළමු තරගය හෙට රාත්‍රී 8.00ට බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය එළඹෙන 23වනදා පාකිස්ථානයට එරෙහිවත් තෙවන තරගය 26වනදා ඉන්දියාවට එරෙහිවත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(CRICTIMES.LK)