10 April 2025


සන්රයිසස් පිලට තවත් දරුණු පරාජයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ (06) පැවති තරගය ජයග්‍රහණය කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ කඩුලු 7කින්.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ Nitish Kumar Reddy ලකුණු 31ක් සහ Heinrich Klaasen ලකුණු 27ක් රැස කළා.

පන්දු යැවීමේදී Mohammed Siraj කඩුලු 4ක්, Prasidh Krishna සහ Sai Kishore කඩුලු 2 බැගින් දවා ගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාට 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

එහිදී නායක Shubman Gill නොදැවී ලකුණු 61ක් Washington Sundar ලකුණු 49ක් රැස් කිරීමට සමත්වුණා.

(crictimes.lk)