අප්‍රිකානු ක්‍රීඩකයෙක්ගෙන් ලෝක වාර්තාවක්
නව ක්‍රිකට් ලෝක වාර්තාවක් පිහිටුවීමට දකුණු අප්‍රිකාවේ නවක ක්‍රීඩක Matthew Breetzke සමත් වී තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ලකුණු 88ක් රැස් කිරීමත් සමඟයි.
ඒ අනුව ඔහුගේ පළමු ජාත්‍යන්තර එක්දින තරග 4 තුළදීම අර්ධ ශතක ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
Matthew වාර්තා අතරට එක්වුණේ සිය පළමු ජාත්‍යන්තර එක්දින තරග 4 තුළදීම අර්ධ ශතක ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි.
එමෙන්ම පළමු එක්දින ඉනිම් 4 තුළ ඉහළම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්වී තිබෙනවා.
ඔහු සිය පළමු එක්දින ඉනිම් 4 තුළදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 378ක්.