24 August 2025


මහරාජ් මහීෂ්ව අභිබවා යයි



නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකාවේ කේසව් මහරාජ් සමත් වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ එහි පළමු ස්ථානය හිමි කරගෙන සිටි මහීෂ් තීක්ෂණ 2වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි.

මේ අතර එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග 8වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

(CRICTIMES.LK)