2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (27) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ කඩුලු 5කින්.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 190ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී Travis Head පන්දු 28කින් ලකුණු 47ක් සහ Aniket Verma පන්දු 13කින් ලකුණු 36ක් රැස් කිරීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.
එහිදී Nicholas Pooran ලකුණු 70ක් රැස් කළේ පන්දු 26ක් පමණක් වැය කරමින්.
(crictimes.lk)