08 November 2025


පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිත නම් කරයි - කලකට පසු භානුකත් කණ්ඩායමට



පාකිස්ථානයට එරෙහිව එළඹෙන 11වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (07) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්.

මෙම තරගාවලියේ පළමු තරගය 11වනදා, දෙවන තරග 13වනදා සහ අවසන් තරගය 15වනදා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පාකිස්ථානය සහ සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිත තුන්කොන් T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයද නිවේදනය කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ කැඳවා තිබීම විශේෂත්වයක්.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය දසුන් ශානකහට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය පහතින්,

May be an image of text that says

ශ්‍රී ලංකා T20 සංචිතය පහතින්,

May be an image of text that says

(CRICTIMES.LK)