2025 ආසියානු කුසලානයේ අවසන් හතර දෙනාගේ වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසකම් ලබා තිබෙනවා.
අවසන් හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය අතර දැඩි තරගකාරිත්වයක් නිර්මාණය වී තිබුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
ශුද්ධ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් හතර දෙනාගේ වටයට සුදුසකම් ලබා ගැනීමට නම් අවම වශයෙන් ලකුණු 101ක් රැස් කරගත යුතුව තිබුණා.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව පසු කර තිබෙනවා.
මේ සමඟ ශ්‍රී ලංකාව අවසන් හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.
(COLOMBOTIMES.LK)