19 September 2025


ශ්‍රී ලංකාවේ පිහිටෙන් බංගලියන් අවසන් හතරට



2025 ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ඒ අනුව මෙවර ආසියානු කුසලානයේ අවසන් හතර දෙනාගේ වටයට B කාණ්ඩයට යටතේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සුදුසුකම් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය නොකළේනම් බංගලාදේශයට මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවනවා.

කෙසේ වෙතත් මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයේ අවසන් හතරදෙනාගේ වටයට පිවිසීමට නොහැකි වුණා.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 169ක්.

ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.



(CRICTIMES.LK)