ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20 කඩුලු සංඛ්‍යාවක් බිඳ දමා ඇති තුන්වන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට දුෂ්මන්ත චමීර සමත්වුණා.
ඒ මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී කඩුල්ලක් දවා ගැනීමත් සමඟයි.
දුෂ්මන්ත චමීර මේ වන විට බිඳ දමා ඇති ජාත්‍යන්තර T20 කඩුලු සංඛ්‍යාව 67ක්.
ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 3වන ස්ථානය හිමි කරගෙන සිටි අජන්ත මෙන්ඩිස්ව සහ නුවන් කුලසේකරව අභිබවා යාමට ඔහු සමත්වුණා.
අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකර කඩුලු 66 බැඟින් බිඳදමා තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20 කඩුලු සංඛ්‍යාවක් බිඳ දමා තිබෙන්නේ වනිඳු හසරංග විසින්.
ඔහු මේ වන විට T20 කඩුලු 134ක් බිඳදමා තිබෙනවා.
(CRICTIMES.LK)