19 September 2025


දුනිත්ගේ අවසන් පන්දුවාරයට ලකුණු 32ක් - ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්




2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

එහිදී දුනිත් වෙල්ලාලගේ යොමු කළ අවසන් පන්දුවාරයේදී ලකුණු 32ක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 170ක්.

(CRICTIMES.LK)