19 September 2025


කුසල් පැතුම්ව සම කරයි



2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් කාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කළ දුනිත් වෙල්ලාලගේට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට හිටපු නායක මොහොමඩ් නබි කටයුතු කළා.

ඒ අනුව නබි එම පන්දුවාරයේදී 6 පහර 5ක් එල්ල කිරීමට සමත්වුණා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් රැස් කළා.

මෙය වාර්තා වුණේ ඔහුගේ 17වන T20 අර්ධ ශතකය ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20 අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඔහු පැතුම් නිස්සංක සමඟ පෙරමුණේ සමතැන් ගත්තා.