සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 244ක් රැස් කරගත්තා.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංකා ලකුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට නායක චරිත් අසලංක සමත්වුණා.
එය වාර්තා වුණේ ඔහුගේ 5වන ජාත්‍යන්තර එක්දින ශතකය ලෙසයි.
චරිත ලකුණු 106ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කළා.
කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන්ට මෙහිදී සාර්ථක වීමට නොහැකි වුණා.
බංගලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 4ක් සහ තන්සිම් හසන් සකිබ් කඩුලු 3ක් දවාගත්තා.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සංචාරක බංගලාදේශ කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 245ක් .
(CRICTIMES.LK)