ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සහ පාකිස්ථාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේදී එකම කාල සීමාවක පැවැත්වීමට නියමිතව තිබෙනවා.
PSL තරගාවලියේ Peshawar Zalmi කණ්ඩායම විසින් ජනවාරි මාසයේදී තෝරා ගන්නා ලද දකුණු අප්‍රිකාවේ තුන් ඉරියව් ක්‍රීඩක කෝබින් බොෂ් මාර්තු මාසයේදී මුම්බායි ඉන්දියන්ස් සමඟ අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කොන්ත්‍රාත් බැඳීම් කඩ කළ බවට චෝදනා කරමින් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් කෝබින් බොෂ් හට නීතිමය දැන්වීමක් යවා තිබෙනවා.
2025 IPL තරගාවලිය මාර්තු 22 සිට මැයි 25වනදා දක්වා සහ PSL තරගාවලිය අප්‍රේල් 11වනදා සිට මැයි 18වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
(crictimes.lk)