2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20වන තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර අද (07) පැවැත්වෙනවා.
මෙම තරගය සඳහා වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තේරීම් වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා සලකා බැලීමට හැකි බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සඳහන් කළා.
ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී බුම්රා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට මුහුණ දුන් අතර අනතුරුව ඔහුට මේ දක්වා කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.
(crictimes.lk)