10 April 2025


පිතිකරුවන් අපහසුතාවයට පත් කළ ලක්නව් පන්දු යවන්නාට වැඩ වරයිදි



ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමේ දිග්වේෂ් රාතිට ඔහුගේ තරග ගාස්තුවෙන් 50%ක දඩයක් සහ අඩුපාඩු ලකුණු 2ක් පනවා තිබෙනවා.

ඒ ඔහු මුම්බායි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව පිතිකරු අපහසුතාවයට පත්වන පරිදි 'සටහන් පොතේ ලිවීම' (notebook celebration) හැඟවෙන කඩුලු සැමරුමක නිතර වීම හේතුවෙන්.

එය ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීමක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අප්‍රේල් 1වනදා පැවති තරගයේදීද ඔහු එලෙස හැසිරීම හේතුවෙන් ඔහුට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 25%ක දඩයක් සහ එක් අඩුපාඩු ලකුණක් පනවා තිබෙනවා

(crictimes.lk)