07 April 2025


සිංහයන් මුළු ඉන්දියාවම හඬවා අදට වසර 11ක්



ශ්‍රී ලංකා කණ්ඩායම 2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට (06) වසර 11ක් සපිරී තිබෙනවා.

ඔවුන් එම ලෝක කුසලානය ජයග්‍රහණය කළේ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්.

Mirpurහී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස් කළා.

එහිදී විරාත් කෝලි ලකුණු 78ක් සහ රෝහිත් ශර්මා ලකුණු 29ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

එහිදී කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 52ක්, මහේල ජයවර්ධන ලකුණු 24ක් සහ තිසර පෙරේරා නොදැවී ලකුණු 23ක් රැස් කිරීමට සමත්වුණා.

(crictimes.lk)