2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිපලවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් හිමි කරගෙන තිබෙනවා.
ඒ ඔවුන් ක්‍රීඩා කළ තරග 3ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින්.
එමෙන්ම එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටත් 3වන ස්ථානය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමටත් හිමි වී තිබෙනවා.
මෙතෙක් පවත්වා තිබෙන තරග 20 ප්‍රතිපලවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමි වී තිබෙන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටයි.
එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එහි 9වන ස්ථානය හිමිවී තිබෙනවා.
තරග 20ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,
(crictimes.lk)