17 April 2025


කෝලි ලෝකෙන්ම දෙවැනි තැනට



ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි T20 තරගවලදී ලකුණු 13,000ක් ලබා ගත් දෙවන වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.

ඒ ඊයේ (07) මුම්බායි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 67ක් රැස් කිරීමත් සමඟයි.

ඒ අනුව කෝලි මෙම කඩයිම පසු කිරීම සඳහා ඉනිම් 386ක් වැය කර තිබෙනවා.

T20 තරගවලදී ලකුණු 13,000ක් ලබා ගත් වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වී තිබෙන්නේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්.

ඔහු ලකුණු 13,000 වාර්තා කිරීම සඳහා වැය කර ඇති ඉනිම් සංඛ්‍යාව 381ක්.

(crictimes.lk)