17 April 2025


ක්ලාසන්ට අප්‍රිකාවෙන් කුඩම්මාගේ සැලකිලි



සුපිරි පිතිකරු හෙන්රිච් ක්ලාසන්හට 2025 -2026 කාලය සඳහා වන ක්‍රීඩකයන් 18දෙනෙක්ගෙන් සමන්විත දකුණු අප්‍රිකා මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුවේ ස්ථානයක් අහිමි වී තිබෙනවා.

ඒ හේතුවෙන් හෙන්රිච් ක්ලාසන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය අවසන් වීමට අවදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයහනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔහුගේ අනාගතය පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින අතර නියමිත වේලාවට අවසන් තීරණයක් ගනු ඇති බවයි.  

පසුගිය වසරේ සුදු පන්දු සඳහා පමණක් ගිවිසුමක සිටි ඩේවිඩ් මිලර් සහ රාසී වැන්ඩර් ඩුසේ දෙමුහුන් කොන්ත්‍රාත්තු පිළිගෙන තිබෙනවා.

එමඟින් ඔවුන්ට 'නිශ්චිත එකඟ වූ ද්විපාර්ශවික සංචාර සහ ICC තරගාවලි සඳහා සහභාගී වීමට ඉඩ සැලසෙන බවයි වාර්තා වන්නේ.

2025 -2026 කාලය සඳහා දකුණු අප්‍රිකා මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුව පහතින්,


 
(crictimes.lk)