2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පැවැත්වෙන පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
චෙන්නායිහීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අද පැවැත්වෙන දෙවන තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතයි.
(crictimes.lk)