ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඓතිහාසික ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ත රජය නිවේදනය කළේ බ්‍රිස්බේන්හීදී පැවැත්වීමට නියමිත 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව එම ක්‍රීඩාංගණය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
එම ක්‍රීඩාංගණය වෙනුවට බ්‍රිස්බේන්හි වික්ටෝරියා පාර්ක් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන් 63,000කට තරග නැරඹිය හැකි නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
1895 වසරේදී ඉදිකළ ගැබා ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් තරගය පවත්වා තිබෙන්නේ 1931 වසරේදීයි.
අනතුරුව මේ දක්වා එම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 67ක් පවත්වා තිබෙනවා.
ඉදි කිරීමට නියමිත නව ක්‍රීඩාංගනය සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3.8ක් බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)