නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ නුවර කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 453ක් වාර්තා කළා.
එහිදී නායක පැතුම් නිස්සංක ලකුණු 203ක් සහ සොහාන් ද ලිවේර ලකුණු 141ක් රැස් කිරීමට සමත්වුණා.
සිය පළමු ඉනිම දඹුල්ල කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 340ක්.
එහිදී නායක දනංජය ද සිල්වා ලකුණු 108ක් සහ දසුන් ශානක ලකුණු 63ක් රැස් කිරීමට සමත්වුණා.
අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස්කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 392ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.
එහිදී නිශාන් මධුෂ්ක ලකුණු 126ක් රැස් කිරීමට සමත්වුණා.
එමෙන්ම දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය දසුන් ශානක පන්දු 56ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 100ක් රැස් කළා.
(crictimes.lk)