17 April 2025


බංගලාදේශයට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්



බංගලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජේම්ස් පැමන්ට් පත් කර තිබෙනවා.

ඔහුගේ පත්වීම 2027 වසරේ පැවැත්වෙන ICC එක්දින ලෝක කුසලානය දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ මස අවසානයේ සිම්බාබ්වේට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ඔහු බංගලාදේශ කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.
 
(crictimes.lk)