2025 ඉන්දියන් ප්‍රිමියර් 42වන තරගය අද (24) රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ බැංගලෝර්හීදීයි.
මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට බැංගලෝර් කණ්ඩායම IPL ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයේ සහ රාජස්ථාන් කණ්ඩායම 8වන ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
බැංගලෝර් කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළහොත් ජයග්‍රහණ දළ ලකුණු වේගය අනුව IPL ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හෝ දෙවන ස්ථානය හිමි වනවා.