13 April 2025


බලපිටිය වීර සටනේදී සිද්ධාර්ථයේ ගයාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්



බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 36වන බලපිටිය වීර සටන ක්‍රිකට් තරගය ඊයේ (04) සිද්ධාර්ථ විද්‍යාල ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

එහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ රේවත විද්‍යාල කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස්කළා

සිය පළමුු ඉනිම ක්‍රීඩා කළ සිද්ධාර්ථ කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 187ක් පමණයි.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ රේවත විද්‍යාල කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සිද්ධාර්ථයේ ගයාන් සඳරුවන් සමත්වුණා.

මේ අතර රේවත විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් ගොවිඳු නිසංසල අගනා ශතකයක් වාර්තා කළා.

 
(crictimes.lk)