නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවති 3වන එක්දින තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතය සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5%ක දඩ නියම කර තිබෙනවා.
ඒ අනුව නවසීලන්තයට එරෙහිව අවසන් වරට පැවති එක්දින තරග 5දී සිව්වන වරටත් මන්දගාමී පන්දුවාර අනුපාතය සඳහා පාකිස්ථානයට දඬුවම් නියම වී ඇති බවයි වාර්තා වන්නේ.
නවසීලන්තයේ පැවති එක්දින තරග 3ට අමතරව චැම්පියන්ස් කුසලානයේ ඔවුන්ගේ පළමු තරගයේදීද පාකිස්ථානය මන්දගාමී පන්දුවාර අනුපාතය සඳහා වරදකරු වුණා.
(crictimes.lk)