17 April 2025


පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකන් 45දෙනෙක්ට වාර්ෂික කොන්ත්‍රාත්තු



2025 දේශීය ක්‍රිකට් වාරය සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් 45දෙනෙක්ට වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කරන ලද තේරීම්වලට අනුවයි.

ගිවිසුම්ගත ක්‍රීඩකයන් කාණ්ඩ 4කට වර්ග කර තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩයෙන් ක්‍රීඩකයන් 20ක්, B කාණ්ඩයෙන් ක්‍රීඩකයන් 5ක්, C කාණ්ඩයෙන් ක්‍රීඩකයන් 10ක් සහ D කාණ්ඩයෙන් ක්‍රීඩකයන් 10දෙනෙක් ඇතුළත් කරමින් මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.


(crictimes.lk)