නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවති තරගය ඊයේ (06) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 305ක් රැස් කළා.
එහිදී තනුක දාබරේ ලකුණු 81ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 56ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් රැස් කිරීමට සමත්වුණා.
ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 371ක් වාර්තා කළා.
එහිදී නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 124ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 62ක් රැස් කිරීමට සමත්වුණා.
මෙම තරගයේ දින 4 අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය කණ්ඩායම කඩුලු 5ක් ලකුණු 354ක් රැස් කරගෙන සිටියා.
(crictimes.lk)