09 April 2025


කිවියන් අවසන් මහා තරග පරාජයට පත්වන හේතුව



2025 ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම ඊයේ (09) කඩුලු 4කින් පරාජයට පත්වුණා.

මෙය වාර්තා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ තරගාවලියක නවසීලන්තය අවසන් මහා තරගයේදී පරාජයට පත්වූ 5වන අවස්ථාව ලෙසයි.

එම සියලි අවසන් මහා තරගවලදී නවසීලන්තය පළමුව පන්දුවට පහරදී පරාජයට පත්වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් 2009 වසරේ පැවති ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයේදී කඩුලු 6කින් පරාජයට පත්වුණා.

එමෙන්ම 2015 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ සහ 2021 වසරේ පැවති T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගවලදී පිළිවෙළින් කඩුලු 7කින් සහ කඩුලු 8කින් පරාජ වී තිබෙනවා.

මේ අතර 2019 වසරේ එක්දින ලෝක කුසලානයේදී ඔවුන් අවසන් මහා තරගයේදී අවාසනාවන්තා ලෙස සුපිරි පන්දුවාරයකින් පරාජයට පත්වුණා.

නවසීලන්තය මේ දක්වා ICC ශූරතා දෙකක් ගෙන තිබෙනවා.

ඒ 2000 ශූරයන්ගේ කුසලානය සහ 2021 ICC ලෝක ටෙස්ට් ශූරතාවයයි.



(crictimes.lk)